පාකිස්තානය ලකුණු 72ට සීමා කරයි


සත්කාරක ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර එන්.සී.සී. පිටියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හිමිකරගත්තේය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 72කට සීමා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

එහිදී පාකිස්තාන නායක බිශ්මා මහරූෆ් ලකුණු 20ක් රැස්කළ අතර එය එම කණ්ඩායමෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ශෂිකලා සිරිවර්ධන පන්දුවා 3.4කදී ලකුණු 9ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 73ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.2කදී කඩුලු තුනක් පමණක් වැයකර ඉලක්කය පසුකර ගියේය.

තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

DZg6usbUMAAQnIX copy copy

 



Recommended Articles