පාකිස්තානය ලකුණු 341කට සීමාවෙයි


ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාජාහි පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම අද (19දා) උදෑසන ලකුණු 341කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට ව‍ඩා ලකුණු 87 ක් ඉදිරියෙන් සිටියි.

තරගයේ සිවුවැනි දිනය වූ අද දිනය ආරම්භ කරනවිට පාකිස්තානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 291ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඉතිරි කඩුලු හතරම ලකුණු 50 ක් ඇතුළත දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. සිය ක්‍රිකට් දිවියේ කඩුලු 5 බැගින් දවාගැනීමේ 17 වැනි අවස්ථාව සම්පූර්ණ කළ රංගන හේරත් ලකුණු 125කට කඩුලු 05 ක් දවාලූ අතර, ශමින්ද එරංග ලකුණු 60කට කඩුලු 04 ක් දවාලීය. එය ශමින්දගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමද විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 95.3 ක් අවසානයේ ලකුණු 428/9 ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 428/9 (පන්දුවාර 172)

දිල්රුවන් පෙරේරා 95 (පන්දු 247, 4x12, 6x2 )

ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 256, 4x5, 6x1 )

කුමාර් සංගක්කාර 52 (පන්දු 103 , 4x5 )

මහේල ජයවර්ධන 47 (පන්දු , 4x5, 6x2 )

ප්‍රසන්න ජයවර්ධන 35 (පන්දු 77, 4x2 )

 

පාකිස්තානය පන්දු යැවීම

ජුනයිඩ් ඛාන් 3/81 (පන්දුවාර 32 )

මොහොමඩ් තල්හා 3/99 (පන්දුවාර 32 )

සයිඩ් අජ්මාල් 2/120 (පන්දුවාර 55 )

අබ්දුල් රෙහෙමාන් 1/101 (පන්දුවාර 50 )

 

පාකිස්තානය පළමු ඉනිම 341/10 (පන්දුවාර 109.1)

අහමඩ් ශේෂාඩ් 147 (පන්දු 275, 4x12, 6x1 )

මිස්බා උල් හක් 63 (පන්දු 113, 4x1, 6x3 )

කුරාම් මන්සූර් 52 (පන්දු 125, 4x4 )

 

ශ්‍රී ලංකාව පන්දු යැවීම

රංගන හේරත් 125/5 (පන්දුවාර 38.1)

ශමින්ද එරංග 60/4 (පන්දුවාර 24)

දිල්රුවන් පෙරේරා 71/1 (පන්දුවාර 17)



Recommended Articles