පාකිස්තානය ලකුණු 74ක් පිටුපසින්


සංචාරක පාකිස්තාන කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එස්.එස්.සි. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයට නිමා කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ට ලකුණු 244ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා කඩුලු 4ක් අතැතිව ඔවුන් තව ලකුණු 74ක් පිටුපසින් සිටියි.

පාකිස්තාන ඉනිමේ ගැලවුම් කරුවා බවට පත්ව තිබෙන සෆ්රාස් අහමඩ් ලකුණු 66ක් රැස්කරගෙන නොදැවි පිටියේ රැදි සිටී. රංගන හේරත් කඩුලු පහක් දවාලීය.

ඡායාරූප ශාන්ත රත්නායක

 



Recommended Articles