පාකිස්තානයේ ආරක්ෂාව දැකලා කලබල වුණා


පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැති තරගයට එක්වීම සඳහා තමා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරට පැමිණි විට එහි පැවැති ආරක්ෂක තත්ත්වය දැකීමෙන් තමා තරමක් කලබල වූ බව ලාහෝර් තරගයේදී කණ්ඩායම මෙහෙයවූ තිසර පෙරේරා පවසයි.

අද (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. “අපි හැමෝම ලාහොර් නුවරට ගොඩ බැස්සාම අපි තරමක් කලබල වුණා මොකද මේ තරම් ආරක්ෂාවක් කියලා. මම ක්‍රිකට් ගහපු අවුරුදු 9ට තමයි ඒ වගේ ආරක්ෂාවක් දැක්කේ. ඒ ආරක්ෂාව ගැන තෘප්තිමත්. එවැනි ආරක්ෂාවක් යටතේ සැබැවින්ම අපට ආයෙත් ක්‍රීඩා කරන්න පුළුවන් පාකිස්තානයේ”

ඡායාරූපය - ඉසුරු පෙරේරා

AID_3007

 



Recommended Articles