පාකිස්තානයට ලකුණු 16 ජයක්


උමර් අක්මාල්ගේ විශිෂ්ට පිතිහරඹයත්, පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. තරගය අද (23දා) මීර්පූර්හිදී පැවැත්විණි.

ලකුණු 192ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 175ක් පමණි.

පාකිස්තානය 191/5 (පන්දුවාර 20)

උමාර් අක්මාල් 94 (පන්දු 54, 4x9, 6x4)

කම්රන් අක්මාල් 31 (පන්දු 31, 4x4)

සහීඩ් අෆ්රිඩි  20 (පන්දු 11, 4x2, 6x1)

නේතන් නයිල් 36/2 (පන්දුවාර 4)

ඩග් බෝලින්ජර් 28/1 (පන්දුවාර 1)

ඔස්ට්‍රේලියාව 175/10 (පන්දුවාර 20)

ග්ලෙන් මැක්ස්වෙල් 74 (පන්දු 33, 4x7, 6x6)

ආරොන් ෆින්ච් 65 (පන්දු 54, 4x7, 6x2)

සුල්ෆිකර් බාබර් 26/2 (පන්දුවාර 4)

උමාර් උල් 29/2 (පන්දුවාර 4)

සහීඩ් අ‍ෆ්රිඩි 30/2 (පන්දුවාර 4)



Recommended Articles