කොදෙව්වෝ ඇෆ්ගනිස්තානයට දණ නමති


පන්දුවාර විස්ස ලෝක කුසලානයේ  පළමු කාණ්ඩයේ බ.ඉ.කොදෙව් හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය නියමිත පන්දුවාර විස්ස අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 123 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් බ.ඉ.කොදෙව් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ නියමිත පන්දුවාර විස්ස අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 117 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේ තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ඇෆ්ගනිස්ථානයේ නජිබුල්ලා සද්රාන් ය.

කෙසේ වෙතත් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ බ.ඉ.කොදෙව් කණ්ඩායමේ  පෙරමුණට මෙම තරගයේ ප්‍රතිඵලය අදාළ නොවුණු අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ ඇෆ්ගනිස්ථානය  තරගාවලියේ සහභාගී වූ අවසන් තරගය මෙය වේ.එමෙන්ම ඔවුන් සුපිරි දසදෙනාගේ වටයේදී ජයගත් පළමු තරගයද මෙය විය. 

238541 238543 238551 238557 238561 238563

 



Recommended Articles