පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රහාරයක්


ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහානේ (111) සහ ශිකර් දවාන්ගේ (113) විශිෂ්ට පිතිහරඹයත්,ඉන්දීය පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටක්හි බරබාති ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 169ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02දා) සමත්විය.ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අජින්ක්‍යා රහානේ තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය. 

ලකුණු 364 ක දැවැන්ත ඉලක්කයක් පසුපස හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 39.2ක් අවසානයේ සියලු දෙනාදැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 194ක් පමණි.ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වූයේ මහේල ජයවර්ධන පමණි. ඔහු පන්දු 36කදී හයේ පහරක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 43ක් වාර්තා කළ අතර, ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉෂාන්ත් ශර්මාලකුණු 34කට කඩුලු 04ක් බිඳහෙළීය. 

කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහරදෙමින් පළමු තරගයෙන්ම සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙසනියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුහු කඩුලු 05ක් දැවී ලකුණු 363 ක් රැස්කරගත්හ. ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාගේ සාර්ථක ආරම්භය හේතුවෙන් ප්‍රථම පන්දුවාර 10 තුළ ආරම්භක පිතිකරු යුගලයට රැස්කරගත හැකිවූයේ ලකුණු 43 ක් පමණි. එහෙත් 11 වැනි පන්දුවාරයෙන් පසු සිය සුපුරුදු ආක්‍රමණය දියත් කළ රහානේ සහ දවාන් පන්දුවාර 32 ක් අවසන් වනවිට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 200 ඉක්මවා රැගෙන ගියහ.මෙම තරගයේදී තම හයවැනි එක්දින ශතකය ලබාගනිමින් දවාන් ලකුණු 113ක් රැස්කිරීමට සමත්වූ අතරරහානේ තම දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 111ක් රැස්කිරිමට සමත්වියඔවුන්ට අමතරව සුරේෂ් රයිනා ලකුණු 52ක් රැස්කළේය

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස එළඹෙන 06 වැනිදා අහමදාබාද්හිදී පැවැත්වේ. 

මෙම තරගයේ විශේෂතා

* රහානේ / සහ දවාන් පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 231ක සබඳතාව මෙම ක්‍රීඩාංගණයේ ආරම්භක පිතිකරු යුගලයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර 1984 වර්ෂයේදී කේ. ශ්‍රීකාන්ත්/රවි ශාස්ත්‍රි එංගලන්තයට එරෙහිව මෙම ලකුණු 188ක් රැස්කර තිබුණි. එමෙන්ම මෙම සබඳතාව දෙරට අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ

* ඉන්දීය කණ්ඩායම රැස්කළ මුළු ලකුණු 5/363 මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. මීර පෙර ඉන්දීය කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 301/3 රැස්කර තිබුණි. 

රයිනා ක්‍රීඩාකළ 200 වැනි එක්දින ජාත්‍යන්තර තරගය  මෙය වූ අතර, මෙම තරගයේදී ඔහු එක්දින ලකුණු 5000(5008) කඩයිම පසුකර යාමට සමත්විය. 

* මෙම ළහිරු ගමගේ ක්‍රීඩාකළ කළුදුල් එක්දින ජාත්‍යන්තර තරගයවූ අතර,මෙම තරගයේදී ඔහු අම්බති රයිදුගේ කඩුල්ල දවාගනිමින් තම පළමු ජාත්‍යන්තර කඩුල්ලට හිමිකම් කීවේය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව 

  INDIA innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal AM Rahane c Jayawardene b Randiv 111 170 108 13 2 102.77
View dismissal S Dhawan b Priyanjan 113 159 107 14 3 105.60
View dismissal SK Raina lbw b Randiv 52 36 34 4 3 152.94
View dismissal V Kohli* c Perera b Randiv 22 34 21 2 0 104.76
View dismissal AT Rayudu c Perera b Gamage 27 22 20 3 0 135.00
  WP Saha not out 10 20 8 1 0 125.00
  AR Patel not out 14 5 4 0 2 350.00
  Extras (lb 5, w 7, nb 2) 14          
  Total (5 wickets; 50 overs) 363 (7.26 runs per over)
  Bowling O M R W Econ
Recommended Articles