පන්දුව පහුරු ගෑවාට ෆිලැන්ඩර්ට තරග මුදලින් සියයට 75ක දඩයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් පන්දුව පළුදු කර ඇති අතර විනිසුරවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. ඊයේ දිවා අහාරයෙන් පසුව ෆිලැන්ඩර් විසින් පන්දුව පළුදු කරන ආකාරය වීඩියෝ දසුන් වල සටහන් වී ඇත. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග නීති රීති උල්ලංගණය කිරීම හේතුවෙන්  ඔහුගේ තරග මුදලින් 75% ක දඩ මුදලක් ලබා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

මංජු ප්‍රදීප්

 



Recommended Articles