පන්ජාබ් අපරාජිතව සිවුවැනි ජයත් ලබයි


කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොකඩවා ලැබූ සිවුවැනි ජය තහවුරුකර ගැනීම‍ට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්විය. මෙම තරගය ඊයේ (26දා) අබුඩාබිහිදී පැවැත්විණි.

ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට පන්දුවාර 18.2 අවසානයේ සියල්ලන් දැවි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109ක් පමණි.

සන්දීප් ශර්මා 21/3 ලෙස කඩුලු දවාලමින් පන්ජාබ් පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුහන් කළ අතර, ඔහුට උපරිම සහයෝගය ලබාදුන් මිචෙල් ජොන්සන් හා අක්ෂර් පටෙල් කඩුලු දෙක බැගින් දවාළූහ.

කොල්කටා ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 132 රැස්කිරීමට සමත්විය. පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතරට පැමිණි ග්ලෙන් මැක්ස්වෙල්ට මෙම තරගයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15ක් පමණක් වූ අතර, විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 37 රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස සංදීප් ශර්මා සම්මාන ලැබීය.

 

පන්ජාබ් 132/9 (පන්දුවාර 20)

විරේන්ද්‍ර ශෙවාග් 37 (පන්දු 30, 4x3, 6x1)

රිශි ධවාන් 19* (පන්දු 18, 4x2)

ග්ලෙන් මැක්ස්වෙල් 15 (පන්දු 12, 4x2)

පියුෂ් චව්ලා 19/3 (පන්දුවාර 4)

සුනිල් නාරීන් 24/3 (පන්දුවාර 4)

 

කොල්කටා‍  109/10 (පන්දුවාර 18.2)

සූර්යකුමාර් යදාව් 34 (පන්දු 17, 4x3, 6x1)

රොබින් උතප්පා 19 (පන්දු 27, 4x2)

ක්‍රිස් ලීන් 13 (පන්දු 18, 4x2)

සන්දීප් ශර්මා 21/3 (පන්දුවාර 4)

අක්ෂර් පටෙල් 16/2 (පන්දුවාර 4)

සන්දීප් ශර්මා (ඡායාරූපය BCCI)

 

 



Recommended Articles