නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය


සිංගප්පූරුවේ පැවැති නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. තුන්වැනි ස්ථානය තේරීම සඳහා පෙරේදා (07) පැවැති තර‍ගයෙන් පැපුවා නිව්ගිනියාව හමුවේ ‍ලකුණු 60-48 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයවූ අතර, ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සිවුවැනි ස්ථානය හිමිකරගත් සිවුවැනි අවස්ථාව මෙයවීමද කැපීපෙනේ. 

 

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණදුන් තීරණාත්මක අවසන් තරගයෙන් උගන්ඩා කණ්ඩායම හමුවේ 75-38 ලෙස දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය. මෙම තරගය ශ්‍රී ලංකාව වැඩි ලකුණු පරතරයකින් ජයගත්තා නම් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට වැඩි අවස්ථාවක් තිබුණි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණදුන් තරගවලදී  පැපුවා නිව්ගිනියාව (76-52) හා සිංගප්පූරැව හමුවේ (60-43) පරාජය වූ අතර, ඇමෙරිකාව (67-37) හා අයර්ලන්තය (65-49) කණ්ඩායම් පරාජය කිරීමට සමත්විය.

මෙම තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ලෝක ශ්‍රේණිගත කිරීමක්වත් නොමැති උගන්ඩා කණ්ඩායම සමත්වූ අතර, සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් තරගයේදී ඔවුන් හමුවේ 52-29 ලෙස පරාජයවිය. 

 



Recommended Articles