නේමාර් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක් කර ගැනීමේ සූදානමක්


බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ද සිල්වා රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක් කර ගැනීමට එම කණ්ඩායමේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් රහස් හමු කිහිපයක්ම නේමාර් හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ඉහළ නිලධාරීන් අතර පවත්වා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නේමාර්ව මේ වන විට ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔහුව එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට නම් ඔවුන් යුරෝ මිලියන 260ක් ඉල්ලීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.

යම් හෙයකින් එම අගයට නේමාර් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක්වුවහොත් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් මිලදී ගැනීමට කණ්ඩායමක් ගෙවන ඉහළම වටිනාකම ලෙස එය ඉතිහාසයට එක්වෙනු ඇත.

නේමාර් බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින විට මීට මාස කිහිපයකට පෙර පැරස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමට එක්වූයේ යුරෝ මිලියන 200ක ගිවිසුමක් යටතේය.

1525851198_894051_1525853540_sumario_normal



Recommended Articles