නේමාර්ගේ පැමිණීම සාර්ථකයි


ආබාධයකින් පසුව නැවතත් බ්‍රසීල කණ්ඩායමට එක්ව සිටින නේමාර් ද සිල්වා ලෝක කුසලාන තරගාවලියට සමගාවීම පැවැති පුහුණු තරගයකදී දක්ෂතා දැක්වීමට සමත්ව තිබේ.

බ්‍රසීල කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර ඇන්ෆීල්ඩ්හි පැවැති තරගයේදී බ්‍රසීල කණ්ඩායම ගෝල 2-0 පහසු ජයක් වාර්තා කළේය.

බ්‍රසීල කණ්ඩායමේ විලියාන් හා පිල්පේ කෝටිනො ලබාදුන් සාර්ථක පන්දු පිරිනැමීම නේමාර් ගෝලයක්  බවට පත්කළේය. නේමාර්ට අමතරව රොබේර්ටෝ ෆිර්මිනෝ කණ්ඩායමේ අනෙක් ගෝලය වාර්තා කළේය.

පුහුණු තරග කිහිපයක ප්‍රතිඵල

මෙක්සිකෝ 1-0 ස්කොට්ලන්තය

කොස්ටා රිකා 3–0 උතුරු අයර්ලන්තය

සෞදි අරාබිය 0-3 පේරු

ස්පාඤ්ඤය  1-1 ස්විට්සර්ලන්තය

හොන්ඩුරාස් 0-1 එල් සැල්වදෝර්

ඇල්බේනියා 1-4 යුක්‍රේනය

ඇන්ඩොරා 0-0 කේප් වර්ඩේ

_101860807_rexfeatures_9699676p



Recommended Articles