නේපාලයේ ක්‍රිකට් සඳහා තහනමක්


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නේපාලයේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පෙරේදා (24දා) නිල වශයෙන් තීරණය කළේය. ඒ ඩුබායිහිදී පැවැත්වුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදීය.

ඒ අනුව නේපාලයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් හිමිවන කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් හිමි නොවන බව ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නේපාලයේ අයි.සී.සී. සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ එරට ක්‍රිකට් සංගමයේ මැතිවරණයට දේශපාලන බලපෑම් තදින් එල්ලවීම හා ඉන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොපැවැත්වීම හේතුවෙනි.

 

 



Recommended Articles