නිදහස් කුසලානයට ආර්. ප්‍රේමදාස පිටියේ දොරටු කලින් විවෘතයි


ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි එහි ඇතුළුවීමේ දොරටු පව. 3.30 සිට විවෘතව තැබීමට ක්‍රිකට් ආයතතනය තීරණය කර තිබේ.

අද (08දා) ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයෙන් මෙය ආරම්භ වේ. තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදීගත් පාර්ශ්වයන්ට අවහිරතාවයකින් තොරව ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles