නිදහස් කුසලාන බංග්ලාදේශ නායකත්වය ෂකීබ්ට - පුහුණුකරු වොල්ෂ්


ආබාධයකින් අනතුරුව නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වූ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ලොව අංක එකේ ක්‍රීඩකයෙකු වන ෂකීබ් අල් හසන්ට නිදහස් කුසලානයේදී නැවතත් බංග්ලාදේශ නායකත්වය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන් කොන් විස්සයි විස්ස තරගාවලිය වන නිදහස් කුසලානයේදී බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් තාවකාලිකව අතිවිශිෂ්ට පන්දු යවන්නෙකු වන කර්ට්නි වොල්ෂ් පත් කර තිබෙනවා.

නිදහස් කුසලානයට එක්වන බංග්ලාදේශ සංචිතය මෙසේයි.

ෂකීබ් අල්-හසන් (නායක), මහමුදුල්ලා රියාද්, තමම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, රූබල් හොසේන්, අබූ ජයෙඩ්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කයිස්, නුරුල් හසන්, මෙහෙදි හසන්, නස්මුල් හසන්, අබු හයිඩර්, අරිෆුල් ඉස්ලාම්

bd2



Recommended Articles