නිදහස් කුසලානයෙන් බිලියනයක ලාබයක් උපයනවා - තිලංග


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන 'නිදහස් කුසලාන' විස්සයි20 තරගාවලියෙන් රුපියල් මිලියන 1000ක ශූද්ධ ලාභයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය සමග එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ කොළඹදී අද (08දා) පැවති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

"අපි මේ වගේ තරගකාරී තරගාවලියක් සෑම වසරකම පවත්වන්න ඕන. එමගින් දේශීය ක්‍රිකට් හා ජාත්‍යන්තර ක්‍රිකට් අතර තිබෙන පරතරය අඩුවෙනවා. විශේෂයෙන් ක්‍රීඩකයන්ගේ ශක්තියත් වැඩිවෙනවා. ඒ වගේම හොඳ ආදායමක් බලාපොරොත්තු වෙනවා. සියලු ආදායම් දේශීය ක්‍රිකට්වල උන්නතිය වෙනුවෙන් ආයෝජනය කරනවා.

අපි විශ්වාස කරනවා ලංකාවේ පත්වපු තුන්කොන් තරගාවලි අතරින් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ තරගාවලිය බවට මෙය පත්වෙයි. දැනට තිබෙන තත්ත්වය අනුව රුපියල් බිලියනයක (මිලියන 1000) ශූද්ධ ලාභයක් උපයා ගන්න හැකිවෙයි.

ලංකාව විතරයි මුළු ආසියානු කලාපයේම ප්‍රිමියර් ලීග් එකක් ගහන්නේ නැත්තේ. එම නිසා මෙම මුදල් යොදාගෙන මේ වසරේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා." 

ඡායාරූප ශමීර රාජපක්ෂ

DSC_3009 DSC_3020 DSC_3027 DSC_3043

 

 

 

 



Recommended Articles