නාවික හමුදාවෙන් යුද හමුදාවට ප්‍රහාරයක්


ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව පරදා ලකුනු 28-10 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය. කොළඹ හැව්ලොක්ස් පිටියේදි පැවති තරගය ආරම්භයේදී තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය අවසන් වන විටදී නාවික හමුදාව ගෝල දිනුම් දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 14 ක් රැස් කලේ ප්‍රතිවාදින් ලකුණ 10 (ගෝල දිනුමක් හා දඩුවම් පහරක්) කට සීමා කරමිනි.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී නාවික හමුදා ක්‍රීඩකයින් ගෝල දිනුම් දෙකක් ආධාරයෙන් ලකුනු 14 ක් රැස් කලේ ප්‍රතිවාදින්ට කිසිදු ලකුනක් රැස් කිරීමට ඉඩක් නොතබමිනි.

IMG_8594 IMG_8626 IMG_8647 IMG_8651 IMG_8672 IMG_8686 IMG_8721 IMG_8754 IMG_8772 IMG_8789 IMG_8810 IMG_8819 IMG_8873

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles