නාවික හමුදාවට කොළඹින් ප්‍රහාරයක්


ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ නාවික හමුදාව සමග පැවති තරගයෙන් ගෝල 2-0 ක පහසු ජයක් ලැබීමට පසුගිය වර ශූරයින් වූ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය. බැද්දෙගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (22) පැවති තරගයේ ආරම්භයේ පටන් නාවික හමුදාවට දැඩි තරගයක් ලබා දුන් කොළඹ කණ්ඩායම 33 වැනි මිනිත්තුවේදී එම්. ජොහෝර් ආධාරයෙන් පළමු ගෝලය රැස් කළ අතර පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් අවසන් කළහ.

දෙවැනි අර්ධධයේ 49 වැනි මිනිත්තුවේදී ජේ.මොමේස් වාර්තා කළ ගෝලය සමගින් තරගය ගෝල 2-0 ක් ලෙස අවසන් කරමින් සිය ජය සම්පූර්ණ කිරීමට ඔවුන් සමත් විය.

මේ සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ දෙවැනි ස්ථෘනය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ඔවුන් සමත් විය.

IMG_2490 IMG_2494 IMG_2505 IMG_2521 IMG_2530 IMG_2536 IMG_2548 IMG_2612 IMG_2646 IMG_2675 IMG_2692 IMG_2696

 

 

IMG_2706

 

ඡායාරූප - ඕෂිත වරකපිිටිය

 



Recommended Articles