නාවිකයෝ ප්‍රතිඋත්තර බඳිති


 

මෙවර ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරග වාරයේ පළමු අදියරේදී යුද හමුදාව හමුවේ ලැබූ පරාජයට නිසි පිළිතුරක් දීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් ලකුණු 32-30 ක තියුණු ජයක් හිමිකර ගනිමිනි.

තරගයේ ආරම්භයේදීම කණ්ඩායම් දෙක අතර යම් තියුණු තරගයක් පැවතියද ප්‍රතිවාදීන්ට මවු ක්‍රීඩාංගණය තුළ පීඩනයක් එල්ල කළ නාවික හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය ලකුණු 15-12 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් තරගය නිමාවට පත්කළහ.

ජයග්‍රාහී නාවික හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් , උත්සාහක දිනුම් 3 ක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්ද, පරාජිත යුද හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර තුනක් මගින්ද සිය ලකුණු රැස් කළහ.

 

තරගයේ අවස්ථාවන් පහත දැක්වේ

 

 

 

 

ඡායාරූප - ඉසුරු පෙරේරා

 

 

 



Recommended Articles