නාරායන් නිවැරදියි


කොදෙව් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ ක්‍රීඩක සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

කොදෙව් කණ්ඩායම නොවැම්බර් මාසයේදි ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එක්දින තරගාවලියේදී විනිසුරන් ප්‍රකාශය පත්කළේය.

ඒ අනුව ඔහුට නොවැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිනොවුණි. නාරායන්ට විස්සයි20 ලෝක කුසලානයද අහිමිවිය.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය හෙට ආරම්භවන බැවින් ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ඉදිරියේදී එක්වීමට නියමිතය.



Recommended Articles