නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්


බොට්ස්වානා රාජ්‍යයේ ගැබරෝන්හිදී මේ දිනවල පැවැත්වෙන දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී නවසීලන්තය හමුවේ ලකුණු 125-15ක වාර්තාගත පරාජයක් අත්විඳීමට සිදුවිය.

මෙම ලකුණු තත්ත්වය මෙවර තරගාවලිය තුළ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු තත්ත්වය වන අතර, මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිංගප්පූරුව හමුවේ ලකුණු 119-12ක් ලෙස ජයගැනීම ඉහළම ලකුණු තත්ත්වය ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයේදී තරග 04කට සහභාගි වූ අතර, එම සියලුම තරග පරාජයට පත්වීම සුවිශේෂීය.



Recommended Articles