නවසීලන්තයට ලකුණු 298 ක ඉලක්කයක්


එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී අද (24දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 43 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 281 ක් රැස්කිරීමට සමත්විය.

මෙම තරගය අතරතුරදී වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් එක් ඉනිමක් පන්දුවාර 43 ක සීමා කිරීමට තරග තීරකවරයා කටයුතු කළේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එම පන්දුවාර සංඛ්‍යාව තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 298 ක ඉලක්කයක් හිමිවිය.  

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

 



Recommended Articles