ධනුෂ්ක ගුණතිලකට තරග 6ක් තහනම්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තරග හයක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ ඔහු සම්බන්ධයෙන් පැවැති විනය පරික්ෂණයකින් අනුවය.

කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා ඉන්දීය තරගාවලියෙන් පසුව කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විනය පරීක්ෂණය පවත්වා ඇත.

තහනම හේතුවෙන් ඔහු පාකිස්තාන එක්දින තරගාවලියෙන්ද ඉවත් කර තිබේ.තරග තහනමට අමතරව ඔහුගේ වාර්ෂික ගිවිසුමෙන් 20%ක මුදලක් කපා හැරීමටත් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

සැප්තැම්බර් 30 දා සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි. ගුණතිලක තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සඳහා වරද පිළිගෙන තිබේ.

DSC_6174 copy copy

 



Recommended Articles