දෝනිට ඉන්දියාවේ තෙවැනි ඉහළම සම්මානය


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි එරට තෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂාන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඊයේ (02දා) ඉන්දියාවේ ජනපති විසින් රාශ්ට්‍රපති භවන්හි පැවැති උත්සවයකදී දෝනිට මෙම සම්මාන පිරිනමා ඇත. 2011 වසරේ  (2011/04/02) පැවැති එක්දින ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහ තරගය ජයග්‍රහණය කර වසර හතක් ගතවන අවස්ථාවේදී එම ජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දෝනිට සම්මානය හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ඉන්දීය යුද හමුදාවේ ගෞරවනීය ලුතිනන් කර්නල් තනතුරකින් පිදුම් ලබා ඇති දෝනි සම්මානය ලබා ගැනීම සඳහා යුද හමුදා නිල ඇඳුමින්ම පැමිණ තිබේ.

දෝනිට අමතරව තවත් සිව්දෙනෙකු පද්ම භූෂාන් පදක්කම හිමිකර ගත්හ.

ms-dhoni7591 copy copy

 



Recommended Articles