දෙවැනි පුහුණුවත ශ්‍රී ලංකාව පරදියි


පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15 ක පරාජයක් ලැබීය. පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 157ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 පමණි.  තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් අද (14දා) පිටියේදී පැවැති අතර, මෙම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 10 වටයේ තරග දෙකකට සහභාගිවීමටත් නියමිතය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සහීඩ් අෆ්රිඩී මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුහු කඩුලු 5කට ලකුණු 157ක් රැස්කළේය. අගනා පිතිහරඹයක නිරත වූ මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 70ක් රැස්කළේය. තිසර පෙරේරා කඩුලු දෙකක් දවාගත්තේය.

ලකුනු 158ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සබඳතාව ලකුණු 2කට සීමා වූයේ තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඩිල්ෂාන් දැවී ගිය හෙයිනි. කෙසේ වෙතත් ඉන් අනතුරුව චන්දිමාල් මුලු ලකුණු සංඛ්‍යාව 39 දී දැවීගියේය. කෙසේ වෙතත් කපුගෙදර හා එක්වූ තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ලකුණු 76තක් දක්වා ගෙන ආ අතර කපුගෙදරගේ දැවීයාමෙන් පසුව දිගින් දිගටම ශ්‍රී ලංකා ඉනිම කඩාවැටෙන්නට විය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ තිරිමාන්න ලකුණු 45ක් රැස්කළේය. පාකිස්තාන වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉමාඩ් වසීම් කඩුලු හතරක් දවාළීය.  

පාකිස්තානය 157/5 (පන්දුවාර 20)

සාර්ජිල් ඛාන් 23 (21, 4x2, 6x2), අහමඩ් ශෙහසාද් 18 (19, 4x2), මොහොමඩ් හෆීස් 70* (49, 4x9, 6x1), සර්ෆාස් අහමඩ් 13 (14, 6x1), උමර් අක්මාල් 19 (15, 4x1, 6x1), සහිඩ් අෆ්රිඩී 0 (1), සචිත්‍ර සේනානායක 1/27 (3), රංගන හේරත් 1/24 (4), දුෂ්මන්ත චමීර 1/33 (4), තිසර පෙරේරා 2/21 (2)

ශ්‍රී ලංකාව142/09 (පන්දුවාර 20)

දිනේෂ් චන්දිමාල් 30 (21, 4x5, 6x1), ළහිරු තිරිමාන්න 45 (37, 4x4, 6x2) චාමර කපුගෙදර 14 (11, 4x1) , දසුන් ශානක 13 (10, 4x2), ඇන්ජලෝ මැතිව්ස් 10 (7, 4x1), සචිත්‍ර සේනානායක 10 (11, 4x1)  ඉමාඩ් වසීම් 25/4 (පන්දුවාර 4), මොහොමඩ් ඉර්ෆාන්  18/2 (පන්දුවාර 4)

 

 



Recommended Articles