දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරදියි


සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවනැ එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 121ක පරාජයක් ලැබීය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරසුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 307ක් රැස්කළේ කඩුලු 6ක් වැයකරමිනි.

ෆෆ් ඩු ප්ලෙසි හා ඩේවිඩ් මිලර් ශතක රැස්කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළහ. ලකුණු 308ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37.5කදී සියල්ලන්ම දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 186ක් පමණි. දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් රැස්කිරීමට සමත්වූ අතර එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. 

මෙම තරගයේ ජයත් සමගින් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.  දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය ජොහැන්නස්බර්ග්හිදී එළැඹෙන 4දා පැවැත්වීමට නියමිතය.තරගයේ වීරයා ලෙස ඩු ප්ලෙසි සම්මාන ලැබීය.

1 2258637.3 258646.3 258664.3



Recommended Articles