දුෂ්මන්තගේ පත්කිරීමට ICC අනුමැතිය


ආබාධයකට ලක්ව තිබෙන ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. 

ඒ අනුව දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියේදී ධම්මික ප්‍රසාද් වෙනුවට කටයුතු කරනු ඇත. ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් ක්‍රීඩකයෙක් ආබාධවූ විට ඒ සඳහා ක්‍රීඩකයෙක් ඇතුළත කළ හැක්කේ අයි.සී.සීයේ අවසරය ඇතිව පමණි. 

 



Recommended Articles