දීප්තිකාගේ අශ්වයින්ගෙන් වැඩි දක්ෂතා


නුවරඑළිය තුරඟ තරග තරගාවලියේ හතරවැනි අදියරේදීද වැඩි ගෞරව හිමිකර ගැනීමට දීප්තිකා ජයකොඩි මෙනෙවියගේ හිමිකාරීත්වයෙන් යුත් අශ්වයන් සමත් විය.ඒ තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මෙන්ම වැඩිම ත්‍යාග මුදල් ලබා දුන් 'ක්‍රීඩා අමාත්‍යාංශ / වසන්ත සමය කුසලානය' හිමි කරගනිමිනි.

මෙහිදී  දීප්තිකා ජයකොඩි මෙනවියගේ අල්කසබා අශ්වයා මෙහෙයවූ ඉර්වාන් සිං, මෙම ඉසව්වේ ප්‍රථමස්ථානය හිමිකරගැනීමට සමත් විය.  පළමු කාණ්ඩයේ හැන්ඩිකැප් තරගයක් ලෙසින් පැවැති  තරගය මීටර් 1400 ක දුරකින් යුක්ත වූ අතර, මෙම තරගයේ ජයග්‍රාහකයා සඳහා ලබාදුන් මුදල රුපියල් ලක්‍ෂ03 කි. එමෙන්ම මෙහි සමස්ත ජයග්‍රාහකයන් සඳහා ලබාදුන් මුළු ත්‍යාග මුදල රුපියල් 585,000 කි.

මෙහි ශූරතාව හිමිකර ගත් අසරුවා වූ ඉර්වාන් සිං, මෙවර තුරඟ තරග අදියරේ පසුගිය අදියරේදී ලබා දුන් ඉතිහාසයේ ඉහළම මුදල් ත්‍යාගය හිමි වූ කුනිගල් ස්ටුඩ් මැජික් මිලියන් තරගයේ ජයග්‍රාහී චාල්ටන් අසු මෙහෙයවූ අසරුවායි.

මෙහි දෙවැනි ස්ථානය රියන්සි එඩ්වර්ඩ්ස් හිමිකාරීත්වය දරණ,අසරු දිනේෂ් විසින් මෙහෙයවූ ස්පියර් හෙඩ් අශ්වයා විසින් හිමි කරගත් අතර, තෙවැනි ස්ථානය හිමි වූයේ ඉසිර දසනායක විසින් හිමිකාරීත්වය දැරූ එන්.එස්. පාමර් අසරු විසින් මෙහෙයවූ ඔගස්ටස් අශ්වයායි.

නුවරඑළිය රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය විසින්සංවිධානය කරන ලද මෙම තරගාවලියේ මෙවර අදියරේදී තරග 06 ක් පැවත්වුණු අතර, තරගාවලිය සඳහා අශ්වයින් 30 දෙනෙක් සහභාගි වූහ. තරගාවලිය සඳහා මුද්‍රිතා මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම දැරීය.

ඡායාරූප චානුක කුලසේකර

KDP_8247

KDP_8260 KDP_8270 KDP_8274 KDP_8281 KDP_8444 KDP_8473 KDP_8476



Recommended Articles