දිල්ලි කණ්ඩායම දැවැන්ත ඉලක්කය පහසුවෙන් හඹා යයි


ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ 42 වැනි තරගය ලෙසින් ඊයේ (04දා) පැවැති තරගයේදී ලකුණු 209ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිවය. දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලාට ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ලකුණු 208ක් රැස්කළේ කඩුලු 7කිනි.

ඒ අනුව දිල්ලි කණ්ඩායමට ලකුණු 209ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 17.3කදී කඩුලු තුනක් පමණක් වැය කර එම ඉලක්කය පසුකර යෑමට දිල්ලි ක්‍රීඩකයෝ සමත්වූහ.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රිෂාබ් පාන්ට් ලකුණු 97ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 43කිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු සංජු සැම්සන් ලකුණු 61ක් රැස්කළේ පන්දු 61කිනි.



Recommended Articles