සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද (18දා) සමත්වූයේය. එ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පන්දුවාර 57කදී කඩුලු පහකට ලකුණු 186ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩාය තවත් කඩුලු පහක් අතැතිව ලකුණු 57ක් ඉදිරියෙන් සිටියි. දිමුත් හා නිරෝෂන් දික්වැල්ල පිටියේ රැඳී සිටිති.