දිනුමට ලකුණු 2ක් තිබියදී ලැබූ දිවා ආහාර විවේකය


තරගකාරී බවින් මිදුනු ඒක පාර්ශවික ක්‍රිකට් තරගයක ජයග්‍රහණයට ලකුණු දෙකක් තිබියදී දිවා ආහාරය වෙනුවෙන් විවේකය ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලොව කැළඹිනි. ඒ පසුගිය 03දා සෙන්චූරියන් හිදී පැවති ඉන්දු - දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරග‍යේදී ඉන්දියාව කඩුළු 9ක් අතැතිව හා පන්දු ඕවර 31ක් ඉතිරිව තිබියදී විනිසුරුවන් දිවා ආහාරයට දිගු විවේකයක් ගැනීමේ සිදුවීම නිසාවෙනි.

දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 32කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 118කට සියළු දෙනා දැවී ගොස් සිය දේශයේදී ලැබූ අඩුම එක්දින ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අතර එයට පිළිතුරු දීමට පැමිණි ඉන්දීය පිළ සාර්ථකව මුහුණ දෙමින් ජයග්‍රහණයට ලකුණු දෙකක් පමණක් අවැසිව තිබියදී මෙම සිදුවීම සිදුවිය. මෙනිසා එම ජයග්‍රහණය ලැබීමට ඉන්දියානුවන්ට තවත් මිනිත්තු 40ක කාලයක් බලා සිටින්නට සිදු විය.



Recommended Articles