ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 321යි


ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද(07දා) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ අතර, පළමුදිනය නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 321 ලබා සිටියේය.

එහිදී කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක රංගන හේරත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට දිමුත් කරුණාරත්න හා උපුල් තරංග පැමිණි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 04කට පිටියෙන් ඉවත්විය. අද දිනය තුළද දිනේෂ් චන්දිමාල්ට සාර්ථකවීමේ හැකියාව නොලැබුණු අතර, ඔහුට ලකුණු 05ක් ලබාසිටියදී ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

මුල් කඩුලු තුන අඩුලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් අසීරුතත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට ගෙනඒමට කුසල් මෙන්ඩිස් හා අසේල ගුණරත්න සමත්විය. ඒ සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 196ක සබඳතාවක් ගොඩනගමිනි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

දිනය නිමාවන විට කුසල් මෙන්ඩිස් ලකුණු 166 ක් ලබා සිටි අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් ලබා පිටියේ රැඳී සිටියේය.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ රහමන්‚ ටෂ්කින්‚ රොයි සහ මිරාෂ් එක් කඩුල්ල බැගින් ලබාගත්හ.

1 2

259843 259846 259849 259854 259857 CRICKET-SRI-BAN CRICKET-SRI-BAN CRICKET-SRI-BAN



Recommended Articles