දික්වැල්ල හා ගුණතිලකගෙන් ලකුණු 200 සබඳතාවක්


එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 200ක සබඳතාවක් පැවැත්වූ 34 වැනි පිතිකරු යුගලය ලෙසට ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක වාර්තා අතරට එක්විය.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොබිඳුණු ලකුණු 216ක (පන්දුවාර 35.3) සබඳතාවක් පවත්වමිනි. ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගල මීට පෙර අවස්ථා 9කදී ද්විත්ව ශතක සබඳතා පවත්වා තිබුණි.

ඒ අනුව මෙය ශ්‍රි ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ද්විත්ව ශතක සබඳතාවක් පැවැත්වූ 10 වැනි අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වෙයි.

පළමු විකට්ටුවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ද්විත්ව ශතක සබඳතා 

උපුල් තරංග - සනත් ජයසූරිය 286 - එංගලන්තයට එරෙහිව (2006)

උපුල් තරංග - තිලකරත්න ඩිල්ෂාන් 282 - සිම්බාව්වේට එරෙහිව (2011)

මාවන් අතපත්තු - සනත් ජයසූරිය 237 - ඔස්ට්‍රේලියාවට එරෙහිව (2003)

උපුල් තරංග - තිලකරත්න ඩිල්ෂාන් 231* - එංගලන්තයට එරෙහිව (2011)

නිරොෂන් දික්වැල්ල - ධනුෂ්ක ගුණතිලක 229 - සිම්බාබ්වේට එරෙහිව (2017)

උපුල් තරංග - මහේල ජයවර්ධන 215 - බංග්ලාදේශයට එරෙහිව (2010)

උපුල් තරංග - මහේල ජයවර්ධන 213 - ඉන්දියාවට එරෙහිව (2013)

උපුල් තරංග - මහේල ජයවර්ධන 202 - පාකිස්තානයට එරෙහිව (2006)

උපුල් තරංග - සනත් ජයසූරිය 201  - නවසීලන්තය එරෙහිව (2006)

කුමාර් සංගක්කාර - සනත් ජයසූරිය 201 - බංග්ලාදේශයට එරෙහිව (2008)

 



Recommended Articles