දික්වැල්ලට සියයට 30ක දඩයක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවී තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයේදී ඔහු ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි අයුරින් තරග කිරීම හේතුවෙනි.

එසේම ඔහුට සෘණාත්මක ලකුණු දෙකක්ද එක්වී තිබේ. තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ සොලමන් මිරේ දවා ස්ටම්ප් කිරිමකට හසුකර ගැනීම සඳහා දික්වැල්ල බොහෝ වේලාවක් පිතිකරු සිමා ඉරෙන් පිටතට යන තෙක් බලා සිට පසුව ඔහුව ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමයි.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ මෙවැනි දවාගැනීම් සිදුවුවත් දික්වැල්ල ඒ සඳහා ගත කල කාලය වැඩිවීම හේතුවෙන් මෙම දඩය ඔහුට එරෙහිව පනවා තිබේ. දික්වැල්ල මේ වසරේ දික්වැල්ල අයි.සී.සීයේ දඩය සඳහා යටත්වූ තෙවැනි අවස්ථාව වෙයි.

 

 

 



Recommended Articles