දික්වැල්ලගේ රඟපෑමට කෝලිගේ කැමත්ත


කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට්   තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කළ ආකාරය ගැන ඉන්දිය නායක විරාත් කෝලි අගයීමකින් කතා කර ඇත.

දෙවැනි ටෙස්ට් තරගයට පෙරාතුව ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර ඇත. දික්වැල්ලගේ දක්ෂතා ගැන තමන් පැහැදෙන බවත ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ දේවල් කරනු ඇති බවත් කෝලි මෙහිදී සඳහන් කළේය.

“ මම එය දකින්න කැමතියි. මම ඒ තරගකාරිත්වය පිටියේදී දකින්න කැමතියි. ඔහු තම ක්‍රීඩාවෙන් ගෞරවය කරා යෑමට උත්සාහ කරන කෙනෙක්. අවසන් තරගාවලියේ සිට මේ දක්වා මම ඔහුගේ දක්ෂතා ගැන පැහැදෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යම් විශේෂයක් කිරීමට හැකියාවක් ඇති ක්‍රීඩකයෙක්.”

ශ්‍රී ලංකාවට පන්දුවා ර47කදී ලකුණු 231ක ඉලක්කයක් ලබාදුන් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 22ක් තුළ දවාගැනීමට සමත්විය. කෙසේ වෙතත් දික්වැල්ල විවිධ උපක්‍රම හරහා ඉන්දීය වේලාව උඳුරාගත් අතර එයට විනිසුරන්ද මැදිහත්විය.

 “ ඒ උණුසුම් තත්ත්වයේ මම කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරනවා. එතැන් පසුව හැමදෙයක්ම සාමාන්‍යයි. අපිට ඒ අවස්ථාවේදී කතාවක් තිබුණා. නමුත් පිටියෙන් පිටතදී එය අවසන්. ඔබ ප්‍රතිවාදියා සමග තරග කරයි නම් සෑම විටම ඔහුට ගෞරවය දෙන්න ඕන. ඔහුගේ හැසිරීම ශ්‍රී ලංකාවට උපකාර වුණා. එය පවත්වාගැනීමේ ගෞරවය ඔහුටයි. මට විශ්වාසයි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් හොඳ දේවල් කරවි”

72476-1511419055-800 Virat Kohli, Dinesh Chandimal, Niroshan Dickwella kohlig_1511181951_725x725 virat-kohli-niroshan-dickwella-bcci_806x605_61511247754 virat-kohli-niroshan-dickwella-dinesh-chandimal



Recommended Articles