දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සංචිතය නම්කෙරේ


පාසල් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට ක්‍රීඩිකාවන් සිවුදෙනෙකු ලෝක කුසලාන සංචිතයට

අවසන් තේරීම් තරග පස්වරු 1.30ට පටන් ගැනීම නිසා දුර පළාත් ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවක

නායකත්වයට ක්‍රීඩිකාවන් 05කගේ නම් යෝජනා වෙලා

දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා සඳහා වන තේරීම් තරග ඊයේ (18දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා තෝරාගනු ලැබුවේ, ශ්‍රී ලංකා යුද හමුදා හා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම් සමග පැවැති තරගවලිනි.

ඊට අමතරව ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට දිනාදුන් නායිකා ගයනි දිසානායක හා එම කණ්ඩායම නියෝජනය කළ ගයංජලී අමරවංශ යන ක්‍රීඩිකාවන්ද මෙම යොවුන් ක්‍රීඩිකාවන් තේරීම සඳහා පැවැති තරගවලට එක්ව සිටියේ, ඔවුන්ගේ අත්දැකීම් මෙම යොවුන් ක්‍රීඩිකාවන්ට ලබාදීමේ අභිප්‍රා‘යෙනි.

දැල්පන්දු ආරංචි මාර්ග පවසන පරිදි, පසුගිය ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට (දකුණු කොරියාවේ පැවැති) සහභාගී නොවූ පාසල් ක්‍රීඩිකාවන් සිවුදෙනෙකුට මෙවර ලෝක කුසලාන වරම් හිමිව තිබේ. ඒ අතර කොළඹ විශාකා විද්‍යාලයේ මෙලනි විජේසිංහ, කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ සෙත්මි ධනෝෂි හා සුසීමා බණ්ඩාර මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නටාෂා අලුවිහාරේ යන ක්‍රීඩිකාවන් යෝජනාවී ඇති බව වාර්තාවේ. 

කෙසේ වෙතත් අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනාගේ නම් මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති අතර පසුගිය ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට ක්‍රීඩාකළ බහුතරයක් ක්‍රීඩිකාවන් යොවුන් ලෝක කුසලාන අවසන් ක්‍රීඩිකාවන් 12ටද ඇතුළත් කර තිබේ.

මේ අතර නායකත්වය හා උපනායකත්වය සඳහා ක්‍රීඩිකාවන් 05 දෙනෙකුගේ නම් යෝජනා වී  ඇති අතර ඊට කවීනා රාජපක්ෂ, නදී මධුෂිකා ප්‍රනාන්දු, මල්ෂා සත්සරණි, සචිනි රොද්‍රිගෝ හා නිලුමි හපුආරච්චි යන ක්‍රීඩිකාවන් ඇතුළත්ව ඇතැයිද අනාවරණය වේ.

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු

DSC_5901 DSC_5911 DSC_5934 DSC_5938 DSC_5972 DSC_5975 DSC_5982 DSC_5988 DSC_5989 DSC_5997 DSC_6001 DSC_6003 DSC_6004 DSC_6011 DSC_6016 DSC_6027 DSC_6029 DSC_6030 DSC_6036 DSC_6050 DSC_6052 DSC_6055 DSC_6057 DSC_6062 DSC_6071 DSC_6073



Recommended Articles