දවාන්ට එමිරේට්ස් ගුවන් සේවයෙන් අසාධාරණයක්


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් දවාන් සිය ට්විටර් ගිණුම හරහා එමිරේට්ස් ගුවන් සේවයට චෝදනාවක් එල්ල කර තිබේ.

ඔහු සිය පවුල හා දකුණු අප්‍රිකාවට ගමන් කරන අතර තුළදී ඔහුට සිදුවූ අසාධාරණයක් හේතුවෙන් ඔහු මෙසේ ට්විටර් ගිණුම හරහා එමිරෙට්ස් ගුවන් සේවයට චෝදනා කර තිබේ.

“ සත්‍ය ලෙසම එමිරෙටස් ගුවන් සේවයේ වෘත්තීය නොවන සේවයක්. මම මගේ බිරිඳ හා දරුවන් සමග දකුණු අප්‍රිකාවට ගමන් කරමින් සිටියේ. ඔවුන් කිව්වා මගේ බිරිඳට හා දරුවන්ට ඩුබායිවලින් දකුණු අප්‍රිකාවට ගමන් කිරීමට නොහැකි බව. ඔවුන් මගේ දරුවන්ගේ උපන්දින සහතික හා අනෙකුත් ලියකියවිලි ගුවන්තොටුපොළේදි ඉදිරිපත් කරන්න කිව්වා. නමුත් ඒ අවස්ථාවේදී අපි ළඟ එම ලියකියවිලි තිබුණේ නෑ.

ඔවුන් දැන් ඩුබායි ගුවන්තොටුපොළේ සිට ලියකියවිලි ලැබෙනකම් බලාගෙන ඉන්නවා. අපි මුම්බායිවලින් ගුවන් ගත වෙන විට ඔවුන් මේ බව නොකිව්වේ ඇයි? එකම එමිරේට්ස් සේවකයෙකුටවත් මේ ගැන කියන්න හේතුවක් තිබුණේ නෑ.”

ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්විමට දවාන් මේසේ දකුණු අප්‍රිකාවට ගමන් කරමින් සිටියේය.

sri-lanka-india-cricket_9915a1fc-a150-11e7-9c3b-8e901839ece0



Recommended Articles