දකුණු අප්‍රිකාවට ලකුණු 146 ක ජයක්


එක්සත් අරාබි එමීර් (යූ.ඒ.ඊ.) කණ්ඩායම පරාජය නවසීලන්තයේ වෙලිංටන්හි වෙස්ට්පාක් ක්‍රීඩාංගණයේදී අද (12දා) පැවැති තරගයෙන් ලකුණු 146 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස යූ.ඒ.ඊ. කණ්ඩායමට පන්දුවාර 47.3 කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 195 ක් පමණි. ස්වප්නිල් පටිල් නොදැවී රැස්කළ අර්ධ ශතකය (57) හැරෙන්න එම ඉනිමේ වෙනත් පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට නොහැකිවිය.

යූ.ඒ.ඊ. කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 341/6 ක් රැස්කිරීමට සමත්විය. ඉනිම ඔසවා තැබූ නායක ඩිවිලියර්ස් ශතකය අබියස සිටියදී (99) අවාසනාවන්ත ලෙස දැවීගියේය. ඔහුට අමතරව ෆර්හාන් බෙහර්දීන් පන්දු 31කදී වේගවත් ලකුණු 64 ක් රැස්කළ අතර, ඩේවිඩ් මිලර් ලකුණු 49 ක් රැස්කිරීමට සමත්විය. 

දකුණු අප්‍රිකාව 341/6 (පන්දුවාර 50)

ඒ.බී. ඩිවිලියර්ස් 99 (පන්දු 82, 4x6, 6x4)

ෆර්හාන් බෙහර්දීන් නොදැවී 64 (පන්දු 31, 4x5, 6x3)

ඩේවිඩ් මිලර් 49 (පන්දු 48, 4x2)

රිලී රොසෝව් 43 (පන්දු 49, 4x8)

යු.ඒ.ඊ. පන්දු යැවීම

මොහොමඩ් නවීඩ් 3/63 (පන්දුවාර 10)

මොහොමඩ් තවුකර් 1/47 (පන්දුවාර 10)

යු.ඒ.ඊ. 195/10 (පන්දුවාර 47.3)

ස්වාප්නිල් පටිල් නොදැවී 57 (පන්දු 100, 4x5)

ශායිමාන් අන්වර් 39 (පන්දු 64, 4x5)

අම්ජාඩ් අලි 21 (පන්දු 36, 4x3)

දකුණු අප්‍රිකාව පන්දු යැවීම

මෝනේ මෝකල් 2/23 (පන්දුවාර 3)

වර්නන් ෆිලැන්ඩර් 2/34 (පන්දුවාර 8.3)

ඒ.බී. ඩිවිලියර්ස් 2/15 (පන්දුවාර 3)

මෙම තරගයේ විශේෂතා

දකුණු අප්‍රිකානු ඉනිම (341/6) ලෝක කුසලාන තරගාවලියක කිසිදු පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යව වෙයි.

ඩිවිලියර්ස් තරගාවලියේ මේ වනවිට හයේ පහර 20 එල්ලකර තිබෙන අතර, පිතිකරුවෙකු මේ දක්වා එල්ල කර ඇති වැඩිම සංඛ්‍යාවද එය වෙයි. එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද එය වේ. මීට පෙර මැතිව් හේඩ්න් (18/2007) හා ක්‍රිස් ගේල් (18/2015) මෙම වාර්තාවට හිමිකම් කියූහ.

ඩිවිලියර්ස් මෙම තරගයේ එල්ල කළ හයේ පහර සංඛ්‍යාවත් සමග ලෝක කුසලාන තරගාවලියන්හි ඔහු හයේ පහර 36 එල්ල කර තිබෙන අතර, එය පිතිකරුවෙකු එල්ල කර තිබෙන වැඩිම සංඛ්‍යව වෙයි. රිකී පොන්ටින් (31) මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීය.  

ශායිමන් අන්වර් ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ලකුණු 309 ක් රැස්කරගෙන සිටින අතර, එය තරගාවලියේ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ටෙස්ට් ක්‍රීඩා නොකරන රටක පිතිකරුවෙකු රැස්කරගෙන සිටින ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. 



Recommended Articles