සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 220 කින් පරාජය කරමින් දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පහසු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 552 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හෂීම් අම්ලා ලකුණු 208 ක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 152 ක් හා සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ ස්ටියාන් වැන් සීල් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නොදැවී ලකුණු 101 ක් වාර්තා කිරීමට සමත්වූහ.
බ.ඉ. කෙදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙටර් රෝසි හා සුලෙයිමාන් බෙන් කඩුලු ද්විත්වය බැගින් දවාළීමට සමත්වූහ. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ බ.ඉ. කොදෙව් කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 201 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නනෝ සමත්වූහ. බ.ඉ. කොදෙව් ඉනිමට යම් ජීවයක් එක් කළ ඩෙවොන් ස්මිත් ලකුණු 35 ක්ද ක්‍රෙග් බාත්වෙයිට් ලකුණු 34 ක්ද රැස් කළහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වර්නන් ෆිලැන්ඩර් කඩුලු 4 ක් දවාළීමට සමත් විය.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 351 ක් පසුපසින් තරගය ආරම්භ කළ බ.ඉ. කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 131 ක් තුළදී අවසන් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණි. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ඩෙල් ස්ටේන් කඩුලු 6 ක් දවාළීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය ද්විත්ව ශතකයක් වාර්තා කළ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලාට හිමිවිය.
මෙම ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 -0 ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටියි. තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා පෝට් එළිසබත්හිදී පැවැත්වේ.
දකුණු අප්‍රිකාව 552/05 (පන්දුවාර 140.3)
හෂීම් අම්ලා 208 (පන්දු 371, 4x22)
ඒ.බී. ඩිවිලියර්ස් 152 (පන්දු 235, 4x16, 6x2)
ස්ටියාන් වෑන් සීල් 101* (පන්දු 130, 4x15)
කෙමර් රොච් 2/52 (පන්දුවාර 15.5)
සුලෙයිමාන් බෙන් 2/148 (පන්දුවාර 46)
බ.ඉ. කොදෙව් 201/10 (පන්දුවාර 60.2)
ඩෙවන් ස්මිත් 35 (පන්දු 74, 4x6)
ක්‍රේන් බැන්වෙයිට් 34 (පන්දු 61, 4x5)
මාලන් සැමුවෙල්ස් 33 (පන්දු 66, 4x5)
වර්නන් ෆිලැන්ඩර් 4/29 (පන්දුවාර 15)
මෝනි මෝකල් 3/55 (පන්දුවාර 15.2)

