දකුණු අප්‍රිකානු පාපන්දු නායකයා ඝාතනය කරයි


දකුණු අප්‍රිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා සෙන්සෝ මෙයිවා වෙඩි තබා ඝාතනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ඝාතනය සිදුවී ඇත්තේ ඊයේ (26දා) රාත්‍රීයේදීය. එහිදී දකුණු අප්‍රිකානු පොලීසිය සඳහන් කරන්නේ, එදින රාත්‍රියේ ආයුධ සන්නද්ධව නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය කර ඇති බවයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරගවලදී දැල් රකින්නෙකු ලෙස ක්‍රීඩා කළ මෙයිවා ඔහු අවසන් වරට ක්‍රීඩාකළ 'ඔර්ලැන්ඩෝ පයිරේට්ස්' පාපන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු ලෙසද ප්‍රකටය.



Recommended Articles