දකුණු අප්‍රිකාව විස්සයි විස්සත් දිනයි


සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති පන්දුවාර විස්සයි20 තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. අතර ඊයේ (26දා) වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයෙන් කඩුලු 09 ක ජයක් හිමි කරගනිමින් ඔවුහු මෙසේ තරගාවලිය ජයග්‍රහණය කළහ.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර, පෙරේදා (25දා) පැවැති දෙවැනි තරගය කඩුලු හතකින් ජයගැනීමට සමත්වූයේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

ඊයේ පැවැති තීරණාත්මක තෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණඩායමේ නායිකා චමරි අතපත්තු මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළාය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 132 ක් රැස්කළේය. ලකුණු 133 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරාගත්හ.

 නිකේර්ක් හා ත්‍රීෂා පළමු කඩුල්ල සඳහා ලකුණු 94 ක සබඳතාවක් ගොඩනමින් ඉනිම ශක්තිමත් කළ අතර, අවසන් පන්දුවාර දෙකේදී ඔවුන්ට ලකුණු 18 ක ඉලක්කයක් හිමිවිය. ඒ ඉලක්කය පහසුවෙන්ම පසුකර යාමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම 132/6 (පන්දුවාර 20)
ප්‍රසාදිනී වීරක්කොඩි 48 (පන්දු 45, 4x5)
ඒෂානි ලොකුසූරිය 29 (පන්දු 20, 4x4, 6x1)
චමරි අතපත්තු 24 (පන්දු 16, 4x5)
මාර්ශියා ලෙට්සොඅලෝ 15/2 (පන්දුවාර 4)
ශබ්නිම් ඉස්මයිල් 19/2 (පන්දුවාර 4)


දකුණු අප්‍රිකා කණ්ඩායම 136/1 (පන්දුවාර 19.5)
ඩෑන් වෑන් නිකේර්ක් 70* (පන්දු 68, 4x7, 6x2)
ත්‍රීෂා චේට්ටි 39  (පන්දු 39, 4x2)
ලිසේලී ලී 22*  (පන්දු 12, 4x2)
මධුරි සමෘද්ධිකා  24/1 (පන්දුවාර 4)

 



Recommended Articles