දකුණු අප්‍රිකාව එක්දින තරගාවලිය දිනයි


සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර මවුන්ට් මවුන්ගානිහිදී අද (24දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 72ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවිය.

පළමුව පන්දුවට පහදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 282ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු හෂීම් අම්ලා තම 16 වැනි එක්දින ශතකය වාර්තාකරමින් ලකුණු 119 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 283ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 46.3ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 210ක් පමණි. ලූක් රොන්චි රැස්කළ ලකුණු 79 හැරෙන්නට වෙනත් පිතිකරුවෙකුගෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි වෙනත් ඉනිමක් වාර්තා නොවීය. තරගයේ වීරයා ලෙස හෂීම් අම්ලා සම්මාන හිමිකරගත්තේය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

  SOUTH AFRICA innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal HM Amla b Southee 119 185 135 15 0 88.14
View dismissal Q de Kock b McClenaghan 26 54 33 3 0 78.78
View dismissal F du Plessis c †Ronchi b Neesham 67 81 73 3 2 91.78
View dismissal AB de Villiers* c †Ronchi b Southee 37 42 25 5 1 148.00
View dismissal JP Duminy lbw b Boult 19 28 16 2 0 118.75
View dismissal DA Miller b Anderson 7 29 10 0 0 70.00
View dismissal RR Rossouw c Guptill b Boult 0 1 1 0 0 0.00
View dismissal VD Philander c Brownlie b McClenaghan 1 5 4 0 0 25.00
View dismissal DW Steyn c †Ronchi b Anderson 0 3 2 0 0 0.00
  M Morkel not out 0 4 0 0 0 -
  Imran Tahir not out 0 3 3 0 0 0.00
  Extras (w 4, nb 2) 6          
  Total (9 wickets; 50 overs; 217 mins) 282 (5.64 runs per over)

Fall of wickets 1-56 (de Kock, 12.3 ov)2-169 (du Plessis, 33.1 ov)3-235 (de Villiers, 42.3 ov)4-257 (Amla, 44.2 ov)5-279 (Duminy, 47.5 ov)6-279 (Rossouw, 47.6 ov)7-282 (Philander, 48.6 ov)8-282 (Steyn, 49.2 ov)9-282 (Miller, 49.3 ov)



Recommended Articles