ශ්‍රී ලංකාවට ලකුණු හතක ජයක්


(UPDATE) සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජය කර, කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (23දා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු හතක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. 

ලකුණු 102ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකාරිනියන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 94ක් පමණි.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 13 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 101ක් රැස්කිරීමට සමත් විය. ඊයේ රාත්‍රියේ සිට අද අලුයම තෙක් කොළඹට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 13කට සීමාකෙරිණ.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

  SRI LANKA WOMEN innings (13 overs maximum) R B 4s 6s SR
View dismissal BYA Mendis b Ismail 4 2 1 0 200.00
View dismissal AC Jayangani* b Fourie 20 15 4 0 133.33
View dismissal HASD Siriwardene lbw b Kapp 28 25 3 1 112.00
View dismissal LE Kaushalya c Ismail b Khaka 13 13 0 1 100.00
View dismissal GWHM Perera run out (van Niekerk) 16 12 2 0 133.33
 
Recommended Articles