දකුණු අප්‍රිකාව ජුලි 04 දා ශ්‍රී ලංකාවට


ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට හා විස්සයි20 තරගයක් සඳහා එක්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ජුලි 12 දා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය  ජුලි 29 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හා තරගාවලිය නිමා කරමින් අගෝස්තු 14දා ආර්. ප්‍රේමදාස පිටියේදී විස්සයි20 තරගය පැවැත්වෙයි.

DZ6gOPoXUAUmCUm03



Recommended Articles