දකුණු අප්‍රිකාවට පහසු ජයක්


ඔස්ට්‍රේලියාව පරාජය කරමින් සිම්බාබ්වේහිදී පැවත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකාව සමත්විය. හරාරේහිදී පැවැති තරගයේදී ලකුණු 328 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව එම ඉලක්කය පහසුවෙන් පසුකර ගියේ පන්දුවාර 46.3 කදී කඩුලු 03 ක් පමණක් දැවී තිබියදීය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 106කදී නොදැවී ලකුණු 136 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අගනා සහායක් ලබාදුන් ෆැප් ඩු ප්ලෙසිස් පන්දු 98කදී ලකුණු 106 ක් රැස්කිරීමට සමත්විය.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 206 ක සබඳතාවක් පැවැත්වූහ. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මිචෙල් ස්ටාක් කඩුලු 02 ක් දවාගැනීමට සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 327 ක් රැස්කිරීමට සමත්විය. ඔස්ට්‍රේලියානු ඉනිම ගොඩනැංවූ ආරොන් ෆින්ච් ලකුණු 102 ක් රැස් කිරීමට සමත්විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මෝනි මෝකල්, රයන් මැක්ලරන් හා ඉම්රාන් තාහිර් කඩුලු 02 බැගින් දවාලූහ.

ඔස්ට්‍රේලියාව 327/7

ආරොන් ෆින්ච් 102 (පන්දු 116 4x9, 6x1)

ජෝජ් බේලි 66 (පන්දු 54 4x3, 6x3)

ඉම්රාන් තාහීර් 2/45 (පන්දුවාර 10)

මෝනි මෝකල් 2/63 (පන්දුවාර 10)

දකුණු අප්‍රිකාව 328 /3

ඒ.බී. ඩිවිලියර්ස් 136 *(4x11, 6x2)

ෆැප් ඩු ප්ලෙසිස් 106 (4x11, 6x1)

මිචෙල් ස්ටාක් 2/62 (පන්දුවාර 8)

කේන් රිචඩ්සන් 1/68 (පන්දුවාර 10)



Recommended Articles