දකුණු අප්‍රිකාව ලකුණු 286ට සීමාවෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙසට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286 ක් රැස්කරනු ලැබීය.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ජේ.පී. දුමිනි ලකුණු 63ක් රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය සාර්ථකම පන්දු යැවීම සනිටුවහන් කළ සුරංග ලක්මාල් කඩුලු 5ක් දවාගත්තේය.



Recommended Articles