දකුණු අප්‍රිකාවට ලකුණු 108 ක ජයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පරාජය කර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඊයේ (03දා) පැවැති පුහුණු තරගයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය සභාපතිගේ කණ්ඩායමට පන්දුවාර 39.2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189 ක් පමණි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 297/9 ක් රැස්කිරීමට සමත්විය.

දකුණු අප්‍රිකාව 297/9 (පන්දුවාර 50)

හෂීම් අම්ලා 104 (පන්දු 104, 4x16, 6x1)

ජේ.පී. ඩුමිනි 54 (පන්දු 56, 4x2, 6x1)

ඒ.බී. ඩිවිලියර්ස් 41 (පන්දු 27, 4x4, 6x1)

ඩු ප්ලෙසිස් 41 (පන්දු 55, 4x3)

ළහිරු ගමගේ 3/36 (පන්දුවාර 10)

සුරාජ් රන්දිව් 3/47 (පන්දුවාර 10)

අනුක්  ප්‍රනාන්දු 1/57 (පන්දුවාර 10)

සභාපතිගේ කණ්ඩායම 141/8 (පන්දුවාර 31.2)

සුරාජ් රන්දිව් 53 (පන්දු 51, 4x6)

දිනේෂ් චන්දිමාල් 50 (පන්දු 54, 4x4, 6x2)

අනුක් ප්‍රනාන්දු 21 (පන්දු 32, 4x2)

මෝර්නි මෝකල් 3/29 (පන්දුවාර 7)

ආරෝන් පැන්ගිසෝ 2/9 (පන්දුවාර 2.2)

වේන් පාර්නෙල් 2/15 (පන්දුවාර 3)

 

 



Recommended Articles