දකුණු අප්‍රිකාව සමගින් පූර්ණ තරගාවලියක්


වත්මන් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන දකුණු අප්‍රිකාව එළැඹෙන 2016/17 වසර සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග 3 ක්, විස්සයි විස්ස තරග 3 ක් හා එක්දින තරග 5ක් ඇතුළත් පූර්ණ තරගාවලියක් ලබාදී තිබේ.

ඊට අමතරව ඔවුන් නවසීලන්තයට ටෙස්ට් තරග 2 ක්ද, අයර්ලන්තයට එක්දින තරග 2 ක්ද, ඔස්ට්‍රේලියාවට එක්දින තරග 5 ක්ද ඇතුළත් නව තරග කාලසටහන එළිදක්වා තිබේ. මෙම සියලු තරග දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය 2016 දෙසැම්බර් මස 15 වැනිදා සිට 2017 පෙබරවාරි මස 3 වැනිදා දක්වා පැවැත්වෙයි. 



Recommended Articles