දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය‍ට


එංගලන්ත කණ්ඩායම ලකුණු තුනකින් පරාජය ‍කර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය‍ට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩාම ඊයේ (29) සමත්විය.

චිතගොංහිදී පැවැති මෙම තරගයේදී ලකුණු 197 ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 193ක් පමණි. ඇලෙක්ස් හේල්ස් (38), ජෝෂ් බට්ලර් (34), රවි බොපාරා (31) පන්දුවට පහරදීමෙන් දක්‍ෂතා දැක්වූහ. පන්දු යැවීමෙන් වේන් පාර්නෙල් (31/3) හා ඉම්රාන් තාහිර් (27/2) දක්‍ෂතා දැක්වූහ.

එංගලන්ත ඇරයුමෙන් පළමුව පන්දුවට පහදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 196/5 රැස්කිරීමට සමත්විය.

වේගවත් ඉනිමක් ගොඩනැගූ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 28කදී නොදැවී ලකුණු 69 රැස්කිරීමට සමත්විය. ඔහු‍ගේ ඉනිමට හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් ඇතුලත්විය. ඒ හේතුවෙන් ඔහු තරයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය. ඔහුට අමතරව ආරම්භක පිතිකරු හෂිම් අම්ලා පන්දු 37කදී ලකුණු 56 රැස්කිරීමට සමත්විය. 

ඇලෙක්ස් හේල්ස්



Recommended Articles