තෙවැනි තරගයෙන් මහේල ඉවත් වෙයි


සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (03දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයෙන් මහේල ජයවර්ධන විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (01දා) රාත්‍රියේ පැවසුවේ පෞද්ගලික හේතු මත තමන් තෙවැනි තරගයට එක්කර නොගන්නා ලෙස මහේල ඉල්ලා තිබූ  බවයි.

මහේලගෙන් හිස්වන ස්ථානය සඳහා දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන් කණ්ඩායමට කැඳවා තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඡායාරූපය ශාන්ත රත්නායක



Recommended Articles